ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඇන්ටිජන් පරීක්ෂණයකින් යළිත් කොවිඩ් ධනාත්මක වී තිබේ. මේ අනුව හෙටින් ආරම්භ වීමට නියමිත ඉන්දීය විස්සයි20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වෙනු ඇති බව වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගාවලියේදී කොවිඩ් ධනාත්මක වූ වනිඳු ඉන්දීය තරගාවලිය වෙනුවෙන් කළ කොවිඩ් පරීක්ෂණයේදී ඔහු යළිත් මෙසේ කොවිඩ් ධනාත්මක වී තිබේ.
වනිඳු මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ සිටින අතර ඔහු මෙල්බර්න් නුවර සිට කැන්බරා නුවර වෙත යොමුකළ බවත් තවදුරටත් ස්වයං නිරෝධායනයේ නිරත වන බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.