කණ්ඩායමේ ක්රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්රීඩා නොකළ නිසා විස්සයි විස්ස ලෝක කුසලාක ක්රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ බවත් තමන් කණ්ඩායමේ නායකයා සහ ක්රීඩකයෙකු වශයෙන් ඒ පිළිබඳව කනගාටු වන බවත් වනිදු හසරංග අද (19දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනිදු හසරංග මෙසේ ද පැවසීය. "ක්රීඩකයින් විදිහට අපි දන්නවා අපි අතින් සිදු වූ වැරදි මොනවාද කියලා . අපි ක්රීඩකයෝ වශයෙන් හොදින් ක්රීඩා නොකළ නිසා , පිතිකරණය , පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් සිදු නොකළ නිසා මේ ආකාරයට පරාජය වැළද ගැනීමට සිදු වුණා"
ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායම 06/19 දින උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .