ශ්රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ආසියානු කුසලාන තරගාවලියේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ලෝක කුසලාන සංචිතය අද ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එහි උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් නම්කර තිබේ.
ආසියානු කුසලාන තරගාවලියට ක්රීඩා කළ ක්රීඩකයන් සියල්ලම පාහේ මෙම සංචිතයට ඇතුළත්ව සිටියි.
ශ්රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උපනායක), කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, සදීර සමරවික්රම, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, ඩිල්ෂාන් මධුශංක
අතිරේක - චාමික කරුණාරත්න