වනිඳු හසරංගගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කර ලකුණු 67ක ජයක් ලැබීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය. තරගාවලියේ 54වැනි තරගය ලෙස මෙය මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (08දා) සන්ද්‍යාවේදී පැවැත්විණි.
බැංගලෝර් වෙතින් හිමි වූ ලකුණු 193ක ඉලක්කයට පිළිතුරු ලෙස මෙහිදී හයිද්‍රාබාද් පිතිකරුවන්ට පන්දුවාර 19.2කදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125/10ක් පමණි.
එහිදී කඩුලු දඩයමක නිරත වූ වනිඳු හසරංග අයි.පී.එල්. තම හොඳම පන්දු යැවීම සනිටුහන් කරමින් ලකුණු 18කට කඩුලු 05ක් දවාගැනීමට සමත් විය. ඒ සමග මෙවර තරගවාරයේ වනිඳු දවාගත් කඩුලු සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගිය අතර, ඒ සමග වැඩිම කඩුලු දවාලූවන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ඔහුට හැකිවිය.
මෙහි පෙරමුණේ කඩුලු 22ක් දවාගෙන සිටින රාජස්ථාන් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චහාල් රැඳී සිටියි.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 192/3ක් රැස්කිරීමට සමත් විය. තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මාන දිනාගත් අතර, මෙම ජයත් සමග බැංගලෝර් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමටද හැකිවිය.