වර්තමාන ජාතික ක්‍රීඩකයින් කිසිවෙකු අයිසීසී දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂාවට ලක් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
එසේම වර්තමාන කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට අයිසීසී විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී නොමැති බවද ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
අධ්‍යාපන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා විසින් ඊයේ (ජුනි 02) පැවති උත්සවයකදී කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම පුවත මාධ්‍ය ආයතන විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
කෙසේ වෙතත් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩකයින් 03 දෙනෙකුට එරෙහිව අයිසීසී දූෂණ විරෝධී ඒකකය විසින් දියත් කරන ලද පරීක්ෂණයක් පිළිබඳව සඳහන් කළා මිස වර්තමාන ජාතික ක්‍රීඩකයින්ට එම ප්‍රකාශය අදාළ නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස විශ්වාස කරන්නේයැයිද එම නිවේදනයේ දැක්වෙයි.