චීනයේ පැවති 5 වන ලෝක හමුදා ක්රීඩා තරගාවලියට සහභාගී වීම සදහා ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදාව නියෝජනය කරමින් එරටට ගොස් සිටි ක්රීඩක ක්රීඩිකාවන් ඊයේ (29දා) යළිත් ශ්රී ලංකාවට පැමිණියේය.
මෙම තරගාවලිය පසුගිය 18දා සිට 27 දා දින දක්වා චීනයේ වූහාන් නුවරදී පැවැතියේය. තරගාවලියට ත්රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 105 දෙනෙකු සහභාගී විය. ඔවුන් අතරින් කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ශ්රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ කෝප්රල් නිමාලි ලියනාරච්චි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය.
කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ ශ්රී ලංකා යුධ හමුදාවේ බලලත් නිලධාරී නදීකා ලක්මාලි සහ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ ශ්රී ලංකා යුධ හමුදාවේ සෙබළ සුමේධ රණසිංහ ද එම තරග ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්රී ලංකා ත්රිවිධ හමුදා වල උසස් නිලධාරීන් මෙන්ම , මෙම ක්රීඩකයන්ගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.