ලෝක කුසලාන රග්බි තරගාවලියේ පෙරලිකාර ජයක් ලැබීමට සත්කාරක ජපානය සමත්විය. ඒ රග්බි ශ්‍රේණිගත කිරීම්හි ලොව අංක එකේ පසුවන අයර්ලන්තය පරදා ලකුණු 19-12 ක ජයක් හිමිකර ගනිමිනි. ජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ %ඒ^ කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ජපානයේ ෆුකුරෝයි හිදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී අයර්ලන්තය ලකුණු 12-09 ක් ලෙසින් ඉදිරියෙන් පසුවුවද දෙවැනි අර්ධයේ පාලනය සියතට ගත් ජපානය තවත් ලකුණු 10 ක් එහිදී රැස් කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩක් නොතබමිනි. එහිදී අයර්ලන්තය ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර ජපානය ගෝල දිනුමක් හා දඩුවම් පහර 4 ක් ආධාරයෙන් ලකුණු රැස් කළහ. දෙරට අතර රග්බි ඉතිහාසයේ ජපානය හමුවේ අයර්ලන්තය පරාජය වූ පළමු අවස්ථාව මෙය විය. තරගාවලියේ එකම ආසියාතික නියෝජනය වන ජපානය පසුගිය (2015) ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ප්‍රභල දකුණු අප්‍රිකාව පරාජය කලේය.