මෙවර රග්බි ලෝක කුසලානයට ක්‍රීඩා කරන ෆිජී කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩක ජොශූවා ටුයිසෝවා අභාග්‍යසම්පන්න අත්දැකීමකට මුහුණපා ඇත. ඒ ඔහුගේ හත්හැවිරිදි පුත්‍රයා පසුගිය සතියේදී සිය ජීවිතයෙන් සමුගැනීමයි. ඔහුගේ අවමගුල් උත්සවය මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් එම අවමගුලට සහභාගි නොවී දිගටම සිය කණ්ඩායම සමගින් තරගාවලියේ රැඳීසිටීමට ජොශූවා තීරණය කර තිබීම කැපී පෙණින.
සිය පුත්‍රයා දීර්ඝ කාලීන රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය සෙනසුරාදා සිය ජීවිතයෙන් සමුගත් බව ජොශුවා දැනගෙන ඇත්තේ, එදින පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජෝර්ජියා සමගින් පැවති තරගයෙන් අනතුරුවයි.
කෙසේ නමුත් පසුව ජොශූවා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ, තමන් දිගටම කණ්ඩායමේ රැඳී සිටිමින් ඉතිරි තරග සඳහා සහභාගි වීමට තීරණය කර ඇති බවයි.
ෆිජී කණ්ඩායම කලකට පසු මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ ඉතා හොඳ දක්ෂතා පෙන්නුම් කරමින් සිටින අතර, ඔවුන් ප්‍රභල ඔස්ට්‍රේලියාවද පරාජයට පත්කිරීමට සමත්වීඇත. ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන්පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු වැඩි කර ගැනීමට ෆිජී කණ්ඩායමට හැකිවී ඇත.