ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය ජනප්‍රිය වූ ක්‍රොයේෂියානු නිරූපිකා ඉවානා නොල් සිය රට පරාජයට පත්වූ ආර්ජන්ටිනාව සමඟ අවසන් පුර්ව තරගයද නැරඹීමට පැමිණ තිබීම කාගේත් කථාබහට ලක්වී තිබිණ.
මෙවර ලෝක කුසලානයේ අතිශය ජනප්‍රිය වූ ඉවානා 2016 වර්ෂයේ ක්‍රොයේෂියානු රූ රැජිණ කිරුලද දිනා ගැනීමට සමත්වී ඇත. ඇයගේ පියකරු රූසපුව හා ආකර්ශණීය ඇඳුම් පැළඳුම් මෙවර තරගාවලිය තුළ බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.
කෙසේ වෙතත් දැඩි ආගමික නීතිරීති මගින් පාලනය වන කටාරයේදී ඉවානාගේ සරාගී ඇඳුම් පැළඳුම් පිළිබඳ යම් මතවාදයන් පැමිණ තිබූ අතර ඇයට ක්‍රීඩාංගණයන්ට පැමිණීම තහනම් කළ යුතු යැයිද ඇතමුන් මතපළ කරනු දක්නට ලැබිණ. නමුත් ඒ සියළුම මත බොරු කරමින් ඉවානා ලෝක කුසලානයේ අවසන් පුර්ව තරගය නැරඹීමට පැමිණ සිටියේද වෙනදා මෙන්ම සරාගී ඇඳුමකින් සැරසීගෙනයි.
කෙසේ නමුත් සිය කණ්ඩායමේ පරාජයෙන් අනතුරුව ඇය පැවසුවේ ආර්ජන්ටිනාව ජයග්‍රහණයක් ලැබීමට සුදුසු කණ්ඩායමක් නොවන බවයි. නමුත් එම දිනය සිය කණ්ඩායමට සාර්ථක දිනයක් නොවූ බවද ඇය මාධ්‍ය වෙත පවසා සිටියාය.