ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවූවකි.
ඒ ඒය තරගාවලිය වෙනුවෙන්ම සැකසූ තාවකාලික ක්‍රීඩාංගණයක් වීම හේතුවෙනි. විශේෂත්වය වන්නේ මෙම තරගයෙන් අනතුරුව මෙම ක්‍රිඩාංගණය ගලවා ඉවත් කිරිමට තරග බළධාරීන් ක්‍රියා කොට තිබීමයි.
‘974 ක්‍රීඩාංගණය’ -stadium 974 යන විශේෂිත නාමයෙන් හඳුන්වන මෙම ක්‍රීඩාංගණයට මෙම නම ලැබී ඇත්තේ එය බහාලුම් හෙවත් ‘කන්ටේනර්’ පෙට්ටි 974 ක් ආධාරයෙන් ඉදිකර තිබීමයි.
භාවිතයෙන් පසු ගලවා ඉවත් කළ හැකිසේ නිර්මාණය කර ඇති මෙම ක්‍රීඩාංගණය ඉන් අනතුරුව ක්‍රීඩාංගණ අවශ්‍යාවක් ඇති රටකට ප්රදානය කරන බව කටාර් ලෝක කුසලාන සංවිධායකයින් මීට පෙරම නිවේදනය කලේය.
විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ජොර්දානය මෙම ලෝක කුසලානයේදී තමන්ට ලබාදුන් සහය නිසා එය ජෝර්දානයට තෑග්ගක් ලෙස ලබාදීමට නියමිත බවයි.
මෙහි සුවිශේෂි බහාලුම් 974, කටාර් හි ජාත්‍යන්තර දුරකථන කේත අංකය වන 974 සිහිගැන්වීමට සකස් කර ඇත.
කෙසේ වෙතත් මෙය තාවකාලික ක්‍රීඩාංගණයක් බැවින් අනෙකුත් ක්‍රීඩාංගණ වලට ලබා දී ඇති වායුසමීකරණ පහසුකම් මෙම ක්‍රීඩාංගණයට ලබාදී නොමැත.
ඒ් නිසාම ක්‍රීඩකයින් හා ප්‍රේක්ෂකයින්ගේ පහසුවට මෙහි පැවැත්වූයේ රාත්‍රී තරග පමණි. ඒ් කටාර්හි පවතින අධික රස්නයෙන් ප්‍රේක්ෂකයින් හා ක්‍රීඩකයින්ට කරදරයක් නොවන අයුරිනි.
දෝහා හි පවතින මෙම ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයින් හතලිස් හතරදහසකටත් අධික ධාරිතාවයකින් නිපදවා ඇත.