මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් ප්‍රභලයෙකු උඩු යටිකුරු කරමින් මොරොක්කෝ කණ්ඩායම සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකර ගැනිමට සමත්විය. ඒ් බෙල්ජියම ගෝල 2-0 ක ලෙස පරාජයට පත් කරමිනි. මෙය මොරොක්කෝ කණ්ඩායම ලෝක කුසලාන පාපන්දු තරගාවලි ඉතිහාසයේ වසර 28 කට පසු ලැබූ පළමු ජයග්‍රහණය විය.
දෝහා හි අල්- තුමාමා ක්‍රීඩාංගණයේදී පැවති තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර මිනිත්තු 73 ක් දක්වාම කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තාකර ගත නොහැකි විය. නමුත් දෙවැනි අර්ධයේ 73 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ රොමාන් සයිස් පළමු ගෝලය සිය කණ්ඩායමට වාර්තා කර දුන්නේය.
තරගය අවසන්වීමට මිනිත්තු කිහිපයක් තිබියදී බෙල්ජියානු කණ්ඩායමේ දුර්වල ආරක්ෂණ පද්ධතියෙන් උපරිම ප්‍රයෝජන ගත් සකරියා අබොක්ලාල් දෙවැනි ගෝලයද සිය කණ්ඩායමට වාර්තා කරදුන්නේය.
ලෝක ශ්‍රේණිගත කිරීමේ බෙල්ජියම දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම වීම විශේෂත්වයක් වන අතර මොරොක්කෝව පසුවන්නේ 22 වැනි ස්ථානයේයි. මීට පෙර මෙම කණ්ඩායම් ද්විත්වය අවස්ථා තුනකදී එකිනෙකා හමුවී ඇති අතර ඉන් අවස්ථා දෙකක ජය බෙල්ජියම විසිනුත් එක් අවස්ථාවක ජය මොරොක්කෝව විසිනුත් හිමිකර ගෙන ඇත.
මොරොක්කෝ කණ්ඩායම 1998 වර්ෂයෙන් පසු පළමුවරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සුදුසුකම් ලබාගත්තේ පසුගිය 2018 වර්ෂයේ පැවති තරගාවලියේදීයි. කෙසේ වෙතත් එහිදී ඔවුන් ජයග්‍රහණයක් වාර්තා කිරිමට අසමත්වූහ.
මෙවර තරගාවලියේදී දුර්වල කණ්ඩායම් විසින් ප්‍රභල කන්ඩායම් පරදා ලැබූ ජයග්‍රහණ කිහිපයක්ම දක්නට ලැබුණු අතර මීට පෙර ලෝක ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ පසුවන ආර්ජන්ටිනාව පරදා 51 වැනි ස්ථානයේ පසුවන සෞදි අරාබිය ලැබූ ජයග්‍රහණය මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්තානයේ පසුවන ජර්මනිය පරදා ඒහි 24 වැනි ස්ථානයේ පසුවූ ජපානය ලැබූ ජයග්රහණයද කැපී පෙණින.