ශ්රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර කොදෙව් වේලාවෙන් අද (23දා) ආරම්භවීමට නියමිත දිවාරාත්රී ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්රීඩක සුරංග ලක්මාල්වෙත හිමිව තිබේ.
ඒ දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් තරගය තහනමී වී ඇති හෙයිනි. ඒ අනුව ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ වේග පන්දු යවන ක්රීඩකයෙක් ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවන පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්වෙන බව පැවැසේ.