ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ශ්‍රී ලාංකික කාන්තාවක් ඔලිම්පික් තරගාවලියක් විනිශ්චය කිරීම සඳහා සුදුසුකම් ලබා තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරන කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් වන ටී. නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග තීරකවරියක් හා විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට තෝරාගෙන තිබේ.
ගාල්ල රිපන් බාලිකාවේ අධ්‍යාපනය ලබා 1997 වර්ෂයේ ආධුනික කාන්තා උප පොලිස් පරික්ෂකවරියක් ලෙස සේවයට එක්ව තිබේ.
2001 වසරේී ඇය පොලිස් ක්‍රීඩා සමාජිය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට එක්වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ලෙසද වාර්තා අතරට එක්විය.
අඛන්ඩව වසර 05 ඇය දක්ෂතම බෝක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගෙන තිබේ.
2009 වර්ශයේ පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වූ බොක්සිං තරඝ තීරක වශයෙන් සමත්ව 2011 වර්ෂයේ පළමු පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරියක් ලෙස උසස්වීම් ලබාදී ගෙන 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිසායට එක්වූවාය.