ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටෙව්වද එය ශ්‍රී ලංකා ක්‍රිකට්හි එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
ඒ අනුව දේශීය තරගාවලිය පැවැත්වීම, ජාත්‍යන්තර වශයෙන් ද්විපාර්ශ්විය හා අයි.සී.සී. තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට මෙම තහනම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත බාධාවක් ඇති නොවෙනු ඇත.
කෙසේ වෙතත් මෙම සාමාජිකත්වය අත්හිටුවිම හරහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබාදෙන අරමුදල් සම්බන්ධයෙන් පාලනයක් ඇති කෙරෙනු ඇත.