එක්දින තරග ත්රිත්වයක් සඳහා ශ්රී ලංකාවට තරග සංචාරයකට පැමිණෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තවමත් එක්දින වරම් ලබා නොමැති වමත් දඟපන්දු යවන නූර් අහ්මඩ් කැඳවා ඇත. තවමත් 17 හැවිරිදි වියේ පසුවන නූර් ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් එක් විස්සයි විස්ස තරගයකට පමණක් ක්රීඩා කර ඇති අතර එහිදී ඔහු සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුළු 4 ක් දවා ගැණීමට සමත්වීම විශේෂත්වයකි.
මේ අතර පළපුරුදු තුන් ඉරියව් ක්රීඩක හා හිටපු නායක ගුලාබ්දීන් නයිබ් ද කණ්ඩායමට එක් කරගෙන ඇත. තරගාවලියට සහභාගි වන 18 දෙනෙකුගෙන් සමන්විත සංචිතය මේ වන විට නම් කොට ඇත.
එක්දින තරග 3 කින් සමන්විත දෙරට අතර මෙම තරගාවලිය එළඹෙන 25 වැනිදා සිට 30 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේදී පැවැත්වේ.
තරගාවලියට සහභාගි වන ඇෆ්ගනිස්ථාන සංචිතය
හෂ්මතුල්ලා ෂාහිදි (නායක), රහ්මත් ෂා(උප නායක) , රහ්මතුල්ලා ගුර්බාස්, අස්මතුල්ලා ඔමාසායි, ෆරීඩ් අහ්මඩ්, ෆසල්හක් ෆරූකි, ගුලාබ්ඩීන් නයිබ්, ඊබ්රහිම් සද්රාන්, ඉක්රම් අලිකිල්, මොහොමඩ් නබි, මුජීබ් උර් රහ්මාන්, නජිබුල්ලා සද්රාන්, නූර් අහ්මඩ්, රෂීඩ් ඛාන්, රියාස් හසන්, ෂහිදුල්ලා කමල්, යමින් අහ්මද්සායි, සියා උර් රෙහෙමාන්