රිය අනතුරකට ලක්වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට මාස 6 ක පමණ කාළයක්වත් අවම ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ පාන්ට්ගේ තුවාල සුවවන කාළය අනුව එය ඊටත් වඩා වැඩිවනු ඇති බවයි.
ඒ් අනුව ඔහුට එළඹෙන අප්‍රේල්- මැයි මාසවලදී පැවැත්වෙන මෙවර (2023) අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මෙන්ම ඊට පෙර පෙබරවාරි- මාර්තු මාසවලදී පැවැත්වෙන ඉන්දීය කණ්ඩායමේ ඔස්ට්‍ර්ලියානු තරග සංචාරයද අහිමවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාන්ට්ගේ දකුනු කකුලේ බන්ධනී ඉරීමකට ලක්වීම හේතුවෙන් ඔහුට කාළයක්ම මෙලෙස ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටීමට සිදුවනු ඇත. 25 හැවිරිදි පාන්ට් අයි.පී.ඒල්. ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙසින්ද ක්‍රියා කරයි.
පාන්ට් පසුගිය සිකුරාදා (30) උත්තරකන්ද් ප්‍රදේශයේදී දරුණු රිය අනතුරකට මුහුණදුන් අතර ඒ හේතුවෙන් ඔහු ගමන්කළ මොටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ විය. කෙසේ වෙතත් දරුණු තුවාල සහිතව රිෂාබ් පාන්ට් රෝහල්ගත කිරීමට බළධාරීන් ක්‍රියා කලේය.