114 වැනි වරටත් පැවැත්වුණු %ආදරවන්තයින්ගේ සටන^ මහා ක්‍රිකට් තරගයෙන් ගාල්ල මහින්ද විදුහල පරදා කඩුලු 06ක ජයක් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත්විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙරේදා (16දා) අවසන් වූ තරගයේ දෙවැනි දිනයේදී ලැබුණු ලකුණු 214ක ඉලක්කය කඩුලු 04ක් පමණක් දැවී පසුකර යාමට රිච්මන්ඩ් පිතිකරුවන් සමත් වූහ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ තවීෂ අභිෂේක් නොදැවී ලකුණු 99ක් රැස් කළේ පන්දු 92ක් තුළදීය.
තරගයේ කාසියේ වාසිය දිනූ රිච්මන්ඩ් ඇරැයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද ක්‍රීඩකයෝ සියල්ලන්ම දැවී ලකුණු 197ක් රැස් කළහ.
අනතුරුව පන්දුවට පහරදුන් රිච්මන්ඩ් ක්‍රීඩකයින්ගේ ඉනිම ලකුණු 144කට සීමා කිරීමට මහින්ද පන්දු යවන්නෝ සමත්වූහ.
ඒ අනුව ලකුණු 53ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ මහින්ද විදුහල කඩුලු 09ක් දැවී ලකුණු 161ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවිණි. එහිදී හංසික වැලිහින්න ලකුනු 71ක් රැස් කළේය.
රිච්මන්ඩ් විදුහල මහා ක්‍රිකට් තරගය ජයගත් 24 වැනි වතාව ලෙසින් මෙය වාර්තා විය. අවසන් වරට ඔවුන් 2015 වර්ෂයේ පැවැති තරගය ජය ගැනීමට සමත්විය.
ඕෂිත වරකපිටිය/ ඡායාරූපය - හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්