කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් දෙකෙහි ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය 26 වැනි වරටත් එළැඹෙන මාර්තු 08 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙම විදුහල් දෙක නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනු ආදි ශිෂ්‍යයන් රැසක් වයස අවුරුදු 40 ට වැඩි සහ 40ට අඩු ලෙස කාණ්ඩ දෙකකින් විස්සයි20 තරග දෙකකට සහභාගී වනු ඇත.
රාජකීය- ශා. තෝමස් ආදි ක්‍රිකට් තරග සංවිධායක කමිටුවේ සභාපති වෛද්‍ය ප්‍රියන්ත ගුණසේකර මහතා පැවසුවේ මෙවර තරගාවලිය සඳහා වයස අවුරුදු 40ට වැඩි කොටසින් ගාමිණී පෙරේරා, නල්ලයියා දේවරාජන්, අනුෂ්ක පොළොන්නෝවිට, අනුර බුලන්කුලම, වජිර විජේගුණවර්ධන, නරේෂ් අධිකාරම් වැනි ක්‍රිකට් පිටියේ නිතර නම ඇසුනු ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිත බවය.
වයස අවුරුදු 40 ට අඩු තරගයට දෙපාර්ශ්වය නියෝජනය කරමින් ජීවන් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රමිත් රඹුක්වැල්ල වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිත බවද ඔහු වැඩි දුරටත් පැවසීය.