ශ්‍රී ලංකාවේ රග්බි තරගාවලි පැවැත්වීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන්ට ලිඛිතව දැනුම්දීමක් කළ බවත් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා පැවසීය.
සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ මාස 07කට ආසන්න කාලයක් මෙරට තුළ රග්බි තරගාවලි නොපැවැත්වීම හේතුවෙන් රග්බි ක්‍රීඩාවට සම්බන්ධ පාර්ශ්වයන් රැසක් මේ වන විට අපහසුතාවට පත්වී ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉල්ලියාස් මහතා,
&අපි ක්‍රීඩා අමාත්‍යතුමාට හා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිපියක් මගින් දැන්වූවා අපිට මේ සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන්න කියලා. සමහර යුරෝපා රටවල හා ඔස්ට්‍රෙලියාව, නවසීලන්ත වගේ රටවලත් %කෝවිඩ්-19^ අපිට වඩා වසංගතයක් ලෙසින් පැතිරුණාට ඔවුන් රග්බි ක්‍රීඩාව දැන් ආරම්භ කරලා තියෙනවා. අපේ සමාජයේ දැන් %කෝවිඩ්-19^ වෛරසයේ පැතිරීමක් නැහැ.
පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා රග්බි තරගාවලි නොපැවැත්වීම නිසා ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන්ට, ක්‍රීඩකයන්ට වගේම විනිසුරුවන්ටත් ඔවුන්ගේ රැකියා, වැටුප් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් රග්බි ක්‍රීඩා කරන ඇතැම් ක්‍රීඩකයන්ට පාසල් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන්න සිදුවන අවසන් වසරත් මේ වසර. ඒ නිසා ඔවුන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ මේ ගැන. අපි බොහොම කාරුණිකව ඉල්ලීමක් කරන්නේ සත්සාමාජික තරගාවලිවලින් හරි රග්බි ක්‍රීඩාව පටන් ගන්න අපිට අවසර දෙන්න කියලා.
ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කරගෙන සිටින රග්බි තරගාවලි සඳහා කාලසටහන දීලා තියෙන්නේ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය නැතුව අපිට මේ තරගාවලිය පවත්වන්න බැහැ. ඔවුන් අපේ ඉල්ලීම් සලකා බලලා අපිට තරගාවලි පැවැත්විය යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි පැනෙව්වොත් ඒ සඳහාත් අපි ලෑස්තියි.
මේ සඳහා පාසල් සම්මේලනයෙනුත් අපිට ලොකු සහයෝගයක් තිබෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරන්න අපිට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරයක් අවශ්‍යයි* යනුවෙන් පැවසීය.