ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. මිය යන විට 75 වැනි පසු වූ ඒ මහතා ඇහැලියගොඩ මධ්‍ය විදුහලෙන් ක්‍රීඩා ක්ෂේත්රයට පැමිණියෙකි.
මුලදී වොලිබෝල් ක්‍රීඩකයෙකු වූ ඒ මහතා පසුව මලල ක්‍රීඩාවට සම්බන්ධ විය. ඔහු මීටර් 110 කඩුලු මතින් දිවයාමේ ජාතික ශූරයෙකුද වන්නේය. 1967 දී ක්‍රීඩා නිලධාරියෙකු ලෙස බණ්ඩාරවෙලින් ඔහු තම රාජකාරී දිවය ආරම්භ කළේය.
අඩසිය වසකට අධික කාලයක් මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අනූපමේය සේවයක් කළ යෝගානන්ද විජේසුන්දර මහතා, තිලකා ජිනදාස (මීටර් 100 කඩුලු), දිලීමා පීටර්සන් (දුර පැනීම) ධම්මිකා මැණිකේ (මීටර් 800) ජයමිනි ඉලේපෙරුම (මීටර් 100, 200, 400 හා 800), රවින්ද්‍ර කුමාර ප්‍රනාන්දු (මීටර් 400) කේ.ඒ. කරුණාරත්න (මීටර් 1000 සහ මැරතන්), මංජුල රාජකරුණා (මීටර් 110 කඩුලු), පද්ම කුමාර අමරසේකර (මීටර් 400) යනාදි ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසකට මඟපෙන්වූ පුහුණුකරුවෙකු වෙයි.