මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 10,000 මුදලකට ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ 'අද' කළ විමසීමේදී හෙතෙම සඳහන් කර සිටියේ ඊට අදාළ අනුමැතිය ලැබී ඇති බවයි.
මීට අමතරව යල කන්නයට අවශ්‍ය මඩ පොහොර නොමිලේ ලබාදෙන අතර යූරියා පොහොර මිටියක් රුපියල් 10,000කට ලබාදීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2022-2023 මහ කන්නයේදී බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 42,000ක් ආනයනය කළ අතර, බණ්ඩි පොහොර හොණ්ඩරයක මිල රුපියල් 19,500ක් විය. කෙසේවුවද පොහොර මිල අධික වීම හේතුවෙන් බොහෝ ගොවීහු බණ්ඩි පොහොර මිලදී ගැනීමට කටයුතු නොකර ඇති අතර, ඒ අනුව අදාළතොගයෙන් මේ වනවිට අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 3000ක් හෙවත් 10෴කට අඩුප්‍රමාණයක් පමණක්බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මේ අතර ඇතැම් කුඹුරුවල ගොයම් කහ පැහැවීමේ තත්ත්වයට හේතුවී ඇත්තේ බණ්ඩි පොහොර නොයෙදීම බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර ඇති අතර,මෙවර යල කන්නයේදී පොටෑසියම් අඩංගු පොහොර ගොවීන්ට අනිවාර්යෙන්ම ලබාදිය යුතුව ඇති බවටද විද්වත්හු පෙන්වා දෙති.