අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් එළිදැක් වූ එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක මෙහිදි හසාන් මිරාස් 05 ස්වැනි ස්ථානයේ සිට ලොව 02 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
මෙය බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ එරට පන්දු යවන්නෙකු ශ්‍රේණිගත කිරීම්හි අංක 02ක දක්වා ඉදිරියට පැමිණි තෙවැනි අවස්ථාව ලෙස සැලකෙයි. මෙහිදිට පෙර ශකිබ් අල් හසන් සහ අබ්දුර් රසාක් මෙම කඩයිම පසුකර ඇත.
ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ පළමු හා දෙවැනි එක්දින තරග දෙකෙහි දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් මෙලෙස ඔහුට ශ්‍රේණිගත කිරීම් ඉදිරියට පැමිණීමට අවස්ථාව උදාවී ඇත. මෙහිදි හසන්, පළමු තරගයේදී ලකුණු 30කට කඩුලු 04ක් හා දෙවැනි තරගයේදී ලකුණු 28කට කඩුලු 03ක් බිඳලීමට සමත් විය.
මේ අතර බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටර්ෆිසුර් රහ්මාන්ද කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාන 08ක් පසුකර ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි ස්ථානයට පත්ව සිටියි. ඔහුද ශ්‍රී ලංකාවට එරෙහිව නිමා වූ එක්දින තරග දෙකේදීම කඩුලු 06ක් බිඳලීමට සමත් විය.
නිමාවූ එක්දින තරග දෙකෙහිම බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා බවට පත් වූ මුෂ්ෆිකර් රහීම්ද එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 04කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 14 වැනි ස්ථානයේ රැදී සිටියි. මුශ්ෆිකර් පළමු තරගයේදී ලකුණු 84ක් සහ දෙවැනි තරගයේදී ලකුණු 125ක් රැස්කළ අතර, ඒ හේතුවෙන් ඔහුට තරග දෙකෙහිම තරගයේ වීරයා සම්මානය හිමිවිය.
මේ වනවිට ලෝක එකදින ශ්‍රේණිගත කිරීම්හි බංග්ලාදේශය 07 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 09 වැනි ස්ථානයි. මේ වනවිට එක්දින අංශයේ පිතිකරු, පන්දුයවන හෝ තුන්ඉරියව් යන කිසිඳු කාණ්ඩයක ශ්‍රේණිගත කිරීම් පළමු දසදෙනා අතර ශ්‍රී ලංකා කිසිඳු ක්‍රීඩකයෙකු නොමැත.