2022 කටාර් ලෝක කුසලාන තරගාවලිය යටතේ එළැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය තමන්ගේ ක්රීඩා දිවියේ අවසන් ලෝක කුසලාන තරගය වෙනු ඇතැයි ආජන්ටිනා සුපිරි පාපන්දු ක්රීඩක ලයනල් මෙසී පවසයි.
ජර්මනියේ 2006 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී සිය ලෝක කුසලාන පාපන්දු ගමන මෙසී ආරම්භ කළේය.
" මට මෙය ලබා ගැනීමට හැකිවීම ගැන සතුටුයි. මගේ ලෝක කුසලාන ගමනේ අවසන් තරගය මේ අවසන් මහ තරගය වෙනු ඇත."
මේ වන විට අවසන් 35 වැනි වියේ පසුවන ලයනල් මෙසී 2026 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 39ක් වෙයි.
" ඇත්තටම ඔව්. අවසන් තරගය මගේ අවසන් තරගය වේවි. ඊළග ලෝක කුසලාන තරගාවලියට තව කල් තිබෙනවා. මම හිතන්නේ නෑ මට එහි අවසන් කරන්න හැකි වේවි කියා. මෙයින් අවසන් කිරිම හොඳම දෙයයි."