පාපන්දු ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලයනල් මෙසී තවත් තරග කිහිපයක් තම රට වෙනුවෙන් ක්‍රීඩා කරන බවට සඳහන් කර තිබේ. මෙසී මීට ඉහතදී ප්‍රකාශ කළේ මෙම ලෝක කුසලාන තරගාවලිය ආජන්ටිනාව වෙනුවෙන් තමන් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලානය වෙනු ඇති බවයි.
කෙසේ වෙතත් එහිදී ඔහු ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට ප්‍රකාශ නොකළේය. ලෝක ශූරතාව ජය ගැනීමෙන් පසු මෙසී ආජන්ටිනා නාළිකාවක් වෙත සඳහන් කර ඇත්තේ ලෝක ශූර කණ්ඩායම ලෙස තමන්ට තවත් තරග කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවයි.
ඕනෑම පාපන්දු ක්‍රීඩකයෙකුගේ සිහිනයක් වන්නේ පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමයි. කෙසේ වෙතත් මෙසීට එම ඉලක්කයට යාම වෙනුවෙන් තරමක කාලයක් බලා සිටීමට සිදුවිය.
"මගේ වෘත්තීය ජීවිතයේ සෑම ශූරතාවක්ම ලබා ගැනීමට මම වාසනාවන්ත වුණා. මෙය පමණක් ලබාගන්න බැරිවුණා. නමුත් මට මේක එහාට [ආජන්ටිනාවට] ගෙනියන්න ඕන වුණා. ආජන්ටිනාවේ සියලු දෙනා සමග මට මේ සතුට භුක්ති විඳීමට අවශ්‍යයි." යැයි මෙසී සඳහන් කළේය.