ලෝකයේ අංක එකේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන ලයනල් මෙසී , ඔහුගේ වත්මන් ක්‍රීඩා සමාජය වන ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම සමගින් තවත් වසරක කාළයක් ගිවිසුම්ගත වීමට නියමිත බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසර දෙකකට ගිවිසුම්ගත වූ මෙසී හා පැරිස් සෙන්ට් ජර්මේන් නිළ කාළය ඒළඹෙන වර්ෂයෙන් (2023) අවසන්වීමට නියමිතව තිබුණත් එය තවත් වසරක කාළයකට දීර්ඝ කිරීමට පැරිස් කණ්ඩායම එකඟ වී ඇති බවයි. මෙම නව කොන්ත්‍රාත්තුවේ වටිනාකම පිළිබඳ තවමත් එළි දක්වා නොමැත.
මෙසී 2021 වර්ෂයේදී ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායම හා එක්වූයේ සතියකට බ්‍රිතාන්‍ය පවුම් 960000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි 42 ක තරම් දැවැන්ත මිලකටය. ඒ ඔහු වසර 18 ක් රැදී සිටි ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමෙන් ඉවත්වීය. කෙසේ වෙතත් ලෝක කුසලාන ජයග්රහණයෙන් අනතුරුව බාසිලෝනා කණ්ඩායම මෙසීව සිය කණ්ඩායමට ලබා ගැනීමේ උත්සාහයක නිරතවී සිටින බව වාර්තා වේ.