මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්රභලයින් එකිනෙකා ගැටුණු තරගයක් ලෙසින් ඊයේ පැවැති ප්රංශ කණ්ඩායම හා ආජන්ටිනා කණ්ඩායම අතර තරගයෙන් ආජන්ටිනාව පරාජය කරමින් ගෝගල 4-3ක ජයක් වාර්තා කිරීමට ප්රංශය සමත්විය.
ඒ අනුව ඔවුන් අර්ධ අවසන් පූර්ව තරගයට පිවිසි අතර ආජන්ටිනාවට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. ආජන්ටිනා නායක ලියොනාල් මෙසීට මෙම තරගයේදී ගෝල වාර්තා කිරීමට නොහැකි වීම කැපී පෙනේ.
16 දෙනාගේ වටය ආරම්භ කරමින් මෙම තරගය පැවැති අතර තරගයේ 13 වැනි විනාඩියේ ග්රිස්මාන් වාර්තා කළ ගෝලයත් සමගින් ප්රංශය පෙරමුණ ගත්තේය. ඉන් අනතරුව 43 වැනි විනාඩියේදී මාරියා ආජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කරමින් පළමු අර්ධ්ය 1-1ක් ලෙස නිම කළේය
දෙවැනි අර්ධයේදී ආජන්ටිනාවේ මෙර්කාඩෝ 48 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් 2-1ක් ලෙස ආජන්ටිනාව තරගයේ පෙරමුණ ගත්තේය. නැවතත් ප්රංශ කණ්ඩායම වෙනුවෙන් පවර්ඩ් 57 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් 2-2ක් ලෙස තරගය සම කළේය.
පසුව ක්රියාත්මක වූ ප්රංශ කණ්ඩායමේ යොවුන් ක්රීඩක 64 වැනි හා 68 වැනි විනාඩියේදී ගෝල වාර්තා කරමින් 4-2ක් ලෙස ප්රංශයට තරගයේ පෙරමුණ දුන්නේය. ඉන් අනතුරුව ලබාදුන් අතිරේක කාලයේදී එනම් 93 වැනි විනාඩියේදි අගියුරෝ ගෝලයක් වාර්ත කළත් එය ආජන්ටිනා පරාජය වළක්වාලීමට ප්රමාණවත් නොවුණි.
තරගයේ වීරයා එම්බාපේ