මෙවර පාපන්දු ලෝක කුසලානයේ උසින් වැඩිම ක්රීඩකයා කවරෙකුද යන්න සැමට කුතුහලය දක්වන ප්රශ්නයක් වේ. ක්රීඩකයින් සිය ගණනක් අතරින් මෙවර ලෝක කුසලානයේ වැඩිම උසින් යුත් ක්රීඩකයා ලෙස හඳුනාගත හැක්කේ නෙදර්ලන්ත කණ්ඩායමේ දැල් රකින්නා වන ඇන්ඩ්රියේස් නොපාර්ට්ය. 28 හැවිරිදි වියේ පසුවන නොපාර්ට්ගේ උස මීටර් 2.03 ක් හෙවත් අඩි 6 අඟල් 8 කි. ඔහු මේ වන විට නෙදර්ලන්තයේ හීරෙන්වීන් ක්රීඩා සමාජයට ක්රීඩා කරයි.
විශේෂත්වය වන්නේ මෙවර ලෝක කුසලානයේ පළමු තරගය වූ සෙනගාලය සමගින් පැවති තරගය, නෙදර්ලන්තය වෙනුවෙන් ඔහුගේ පළමු අන්තර්ජාතික තරගය වීමයි. එහිදී සුවිශේෂී දස්කම් දැක්වීමට සමත්වූ ඔහු සෙනගාල ප්රභල ප්රහාරකයින්ගෙන් නෙදර්ලන්තය දැල බේරා ගැනීමට විශාල කැපවීමක් කලේය.
එහිදී සෙනගාලයට පහසුවෙන් ලබාගත හැකිව තිබූ ගෝල 3 ක්ම නොපාර්ට්ගේ දක්ෂතා හේතුවෙන් වැලකීයාම විශේෂත්වයකි. මෙම තරගයෙන් සෙනගාලය පරදා ගෝල 2-0 ක ජයක් නෙදර්ලන්තය විසින් හිමිකර ගත්තේය.
ඔහුට අමතරව සර්බියානු කණ්ඩායමේ දැල් රකින්නා වන වන්යා මිලින්කුවික්-සවිච් (උස මී. 2.02) හා බෙල්ජියන් කණ්ඩායමේ දැල් රකින්නා වන තිබෝට් කර් ටියස් (උස මී. 2.00) ද තරගාවලියේ උසින් වැඩිම ක්රීඩකයින් වේ.
ඇන්ඩ්රියේස් නොපාට්
තිබෝට් කර් ටියස්
ඉල්ලියාස් චෙයාර්
මිලින්කුවික්-සවිච්