මෙවර පාපන්දු ලෝක කුසලානයේදී තරග විනිශ්චය කිරීම සදහා විනිසුරුවරියන් යොදා ගැනීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) තීරණය කර ඇත. ඒ අනුව පිරිමි පාපන්දු ලෝක කුසලානයක් සඳහා කාන්තාවන් ප්රධාන තරග විනිසුරු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසගත වනු ඇත.
මේ අනුව මෙය කාන්තාවන්ට සම අයිතිවාසියකම් ලබා දීමේ තවත් ප්රමුඛ පියවරක් ලෙසින්ද විචාරකයින් හඳුන්වා දෙයි. මෙවර තරගාවලියට රුවන්ඩාව නියෝජනය කරමින්න් සලීමා මුකන්සන්ගා, ජපානය නියෝජනය කරමින් යොෂිමි යමෂිට හා ප්රංශය නියෝජනය කරමින් ස්ටෙෆනි ෆ්රැපාට් විනිසුරුවරියන් ලෙසින් තරගාවලියට එක්වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර්ජාතික විනිසුරු සංගමයේ ප්රධානී පියර්ලුයිජි කොලීනා පවසන්නේ ඔවුන් විනිසුරුවරුන් යන පොදු කුලකයෙන් තෝරා ගත්තා විනා කාන්තාවන් ලෙස විශේෂයක් සිදු නොකළ බවයි.
මොවුන් තිදෙනාට අමතරව තවත් විනිසුරුවරියන් තිදෙනෙකු තරගාවලියේ සහය විනිසුරුවරියන් ලෙසින් ක්රියා කිරීමට පත් කොට ඇත. ඒ බ්රසීල ජාතික නූසා බැක්, මෙක්සිකානු ජාතින කරේන් ඩයස් හා ඇමරිකානු ජාතික කැත්රින් නෙස්බිට්ය.
සලීමා මුකන්සන්ගා
ස්ටෙෆනි ෆ්රැපාට්
යොෂිමි යමෂිටා