ජපානයේ පැවැත්වෙන මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට පිහිණුම් ශූරයන් වන මැතිව් අබේසිංහ හා අනිකා ගෆූර් අද (30දා) සමත් වූහ.
මැතිව් අබේසිංහ මීටර 100 නිදහස් ආර ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට නියමිතව ඇත. ඔහු අවසන් වරට පැවති දකුණු ආසියානු ක්රීඩා උළෙල ද්වත්වයේදී (2016 ඉන්දියාව,2019 නේපාලය) රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 03ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් විය. එමෙන්ම මැතිව් අවසන් වරට 2016 වසරේ පැවති රියෝ ඔලිම්පික් උළෙලටද ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය.
එමෙන්ම අනිකා ගෆූර් මීටර 100 සමනළ ආර ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට එක්වේ. ඇය කාන්තා පිහිණුම් මීටර 50 ඉසව්වේ හා මීටර 100 සමනළ ආර ඉසව්වේ ජාතික වාර්තාවටද හිමිකම් කියයි.
ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ මස මස 23දා සිට අගෝස්තු මස 08 දක්වා පැවැත්වේ.