මීටර 100 නිදහස්,ආර ඉසව්වේ පළමු වටය නියෝජනය කළ ශ්රී ලංකාවේ මැතිව් අබේසිංහ තත්පර 50.62 කාලයක් වාර්තා කර හිමිවූයේ 8වන ස්ථානයයි. ඒ අනුව ඔහුට ඉදිරි තරග වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියා.
අවසන් මීටර 30 වනතුරුම මැතිව් මුල් තිදෙනා අතර සිටීම විශේෂත්වයකි.
අදාල තරග ඉසව්ව යටතේ මූලික වටයේ තරග 9ක් පැවති අතර හොඳම ක්රීඩකයන් 16දෙනා පමණක් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.