ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හිරු ටී.වී. සළකුණ වැඩසටහනේදී සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න ඔහුට ලිපියකින් පිළිතුරු ලබා දී තිබේ.
මෙහිදී දිමුත් හා මැතිව්ස් සඳහන් කරන්නේ තරග කොන්ත්‍රාත් සම්බන්ධයෙන් මුරලිදරන් සිදුකළ ප්‍රකාශ අසත්‍ය බවයි.
මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටලුව මතුව ඇත්තේ මුදල් නිසා බවට මුරලි කළ ප්‍රකාශය අසත්‍ය හෙන්ම අසාධාරණ බව ඔවුන් සිය ලිපියෙන් පවසයි.
කොන්ත්‍රාත්තුවේ ඇති විනිවිද භාවය පිළිබඳව ගැටලුවක් පවතින බවත් කණ්ඩායමක් ලෙස ක්‍රීඩකයන් ඒ වෙනුවෙන් එකට සිටගත් බවත් ඔවුන් දෙදෙනා සඳහන් කරයි.