සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රිඩා කරන ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 9 ට ලකුණු 275ක් රැස්කරගෙන සිටියි.
ලකුණු 9ට කඩුලු තුනක් ලෙස පැවැති ශ්රී ලංකා ඉනිම ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමග එක්ව ලකුණු 142ක් දක්වා රැගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.
ඔවුන් දෙදෙනා සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133ක් පැවැත්වීය. පසුව දිමුත් 79කට දැවී ගියේය. නායක චන්දිමාල් ලකුණු 6කට දැවි ගියේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ශ්රි ලංකා කඩුලු බිඳ වැටීම වේගවත් වීමට පටන් ගත් අතර සිය අන්තය ආරක්ෂා කරගමින් වේගයෙන් ලකුණු රැස්කළ දික්වැල්ල ශ්රී ලංකා ලකුණු පුවරුව ලකුණු 275ක් දක්වා රැගෙන යාමට සමත්විය. දිනය නිමාවන විට දික්වැල්ල ලකුණු 73ක් රැස්කරගෙන නොදැවී පිටියේ රැඳී සිටින අතර ළහිරු කුමාර පන්දුවට පහරදීමට පැමිණීමට නියමිතය. මැතිව්ස් ලකුණු 83ක් රැස්කළේය.
නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පනදු යැවීමක නිරත වූ ටිම් සවුති පන්දුවාර 25කදී ලකුණු 67ට කඩුලු පහක් දවා ගැනීමට සමත්විය.