ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ ඔහුගේ ආබාධය හේතුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින පළාත් ක්‍රිකට් තරගාවලිය ආරම්භයට පෙර ඊයේ (01දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
තමන් තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කර මේ තීරණය ගත් බවත් ඉදරියේදී පිතිකරුවෙක් ලෙස පමණක් කණ්ඩායමට සහාය දක්වන බවත් මැතිව්ස් සඳහන් කළේය.
සිය ආබාධයෙන් පසුව මේ වන විට ක්‍රමයෙන් සුවය ලබා ඇති බවත් ඔහු සඳහන් කළේය.