ආබාධයකට ලක්ව සිටිය ද ලබන 5 වැනිදා ආරම්භ වන එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් තමාට සදහන් කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේ ඔහු ඒ බව සදහන් කර සිටියි.
ඔහු අද දිනයේ දී ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අංක 9 පිතිකරු ලෙස පිතිකරණයේ නිරත විය.
අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී දිමුත් අවධාරණය කළේ මැතිව්ස්ගේ ආබාධය කෙටි කාලයකින් සුව වනු ඇති බවට විශ්වාස කරන බවටයි.
ඔහුගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් තමා සම්පූර්ණයෙන් දැනුවත්ව නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.