ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මැතිල්ඩා කාර්ල්සොන් සමත්වූවාය.
අශ්වාරෝහක තරග ඉසව්වෙන් ඇය මෙසේ ඔලිම්පිකි පරිසාදන මට්ටම ඉක්මවීමට සමත්වූවාය.
ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙවර සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව ඇය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවක් කිහිප දෙනෙකුම ඔලිම්පික් පරිසාදන මට්ටමට ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.