එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමගින් පැවැති තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවට සහභාගි නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමට අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය (අයි.සී.සී.) විසින් දඬුවමක් නොපනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරන්නේ එවැනි සිදුවීමක් යළි ඇති නොවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග එකඟ වූ බවයි.
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගියදා (15දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක් අත්විඳීමට සිදුවිය. එහෙත් එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයෙකු සහභාගි නොවීම ආන්දෝනාත්මක සිදුවීමක් විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමණාකාරීත්වයටද අවවාද කළ කළ බවද ක්‍රිකට් ආයතනය දන්වා සිටියි.