ඉන්දීය ප්රිමියර් ලීග ක්රිඩක වෙන්දේසියේදී ශ්රි ලංකා වේග පන්දු යවන ක්රිඩක ලසිත් මාලිංග මුම්බායි කණ්ඩායම වෙනුවෙන් මිලට ගැනිමට එම කණ්ඩායම කටයුතු කළේය. ඔහුට ඉන්දීය රුපියල් කෝටි 2ක මිලක් නියම වී තිබුණ අතර එම මිලටම මාලිග මිලට ගැනීමට මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායම සමත්විය.
මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අඛණ්ඩව නියෝජනය කළත් පසුගියවර වෙන්දේසියේදි ඔහුව මිලට ගැනීමට කිසිම කණ්ඩායමක් ඉදිරිපත් නොවුණි. කෙසේ වෙතත් එම තරගාවලියේදී ඔහු මුම්බායි කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස කටයුතු කළේය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්රී ලකාවේ මහේල ජයවර්ධන කටයුතු කරන අතර අද වෙන්දේසිය සඳහා ඔහු එක්ව සිටියි.