ශ්‍රී ලංකාවට අර්ධ අවසන් පූර්ව වටයට යාමට නොහැකිවීම පිළිබඳව කණගාටුවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ, පන්දුයැවීම හා පන්දු රැකීම යන අංශ තුනෙන්ම අඩුපාඩු සිදුවූ බව ශ්‍රී ලංකා පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පැවැසීය.
ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"කණ්ඩායමේ දක්ෂතා තිබුණට කනගාටුවෙනවා අවසන් පූර්ව තරගවලට එන්න බැරිවීම ගැන. බොහෝමයක් තරගවල සුපුරුදු දක්ෂතා තිබුනට අවශ්‍යම කරන තරගවලදී අපි අතින් වැරදි වුණා. ක්‍රීඩකයන් ඒ ගැන දන්නවා.
මේ වගේ තරගාවලිවලදි හොඳ කණ්ඩායම් එක්ක වැරදි අතපසුවීම් කරලා ජයග්‍රහණය කරන්න අමාරුයි. විශේෂයෙන්ම ලෝක කුසලානය වගේ තරගාවලිවලදී.
ඒ ගැන කනගාටුවෙනවා. වැරදි හදා ගන්න එකත්, අත්දැකීම් එක්ක ඉදිරියට යන එකත් වැදගත්. හොඳ තරගයක් දීලා පරාජය වුණේ. නමුත් අපිට අවස්ථාව තිබුණා ඒ තරග තුනේදී අපිට ජයග්‍රහණය කරන්න.
අවස්ථා තිබුණා. ඒ අවස්ථාවලදී කණ්ඩායම් අතින් වැරදි වුණා. පිතකරණ අංශයෙන්, පන්දුයවන අංශයෙන්, පන්දු රකින අංශයෙන්. ඒ අංශ තුනෙන්ම. ඒ වැරදි හින්දා තමයි අපි පරාජය වුණේ."