ශ්‍රී ලංකාවේ හෝමාගම ඉදිකිරීමට නියමිත විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විවේචනාත්මක අදහස් ඉදිරිපත් කර තිබේ.
මහේලගේ මෙ අදහස් පිළිබඳව බැරෑරුම්ව සිතා බැලිය යුතු බවත් ඕනෑම ක්‍රීඩාවකට යටිතල පහසුකම් සංවරධනය අත්‍යාවශ්‍ය නමුත් මෙම අවස්ථාවේදී එය ප්‍රමුඛතාවක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
මහේල ජයවර්ධනයට වලංගු තර්කයක් ඇති බවත් අවසාන තීරණය ගැනීමට පෙර බලධාරීන් සෑම පාර්ශවකරුවෙකුම සම්බන්ධ කර ඔවුන්ගේ මතය ලබා ගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.