2025 ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියට අදාළ ක්රීඩක වෙන්දේසියේදි ශ්රී ලංකා ක්රීඩකයන් දෙපළක් වන මහීෂ් තීක්ෂණ හා වනිඳු හසරංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලට ගත්තේය.
ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මිලකට වෙන්දේසිය සඳහා ඉදිරිපත් වූ වනිඳු හසරංග ඉන්දිය රුපියල් කෝටි 5.25ක මුදලකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගත්තේය. ඔහු වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමද ලන්සු තැබිමට ඉදිරිපත් වුවත් අවසානයේදි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එයින් ජයග්රහණය කළේය.
මහීෂ් තික්ෂණ ඉන්දිය රුපියල් කෝටි 4.40ට මිලට ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වියත ඔහු ඉන්දිය රුපියල් කෝටි 2න මුලික මිලකට වෙන්දේසියට ඉදිරිපත් විය. ඔහු වෙනුවෙන්ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමද ලන්සු තැබිමට ඉදිරිපත් වුවත් අවසානයේදි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එයින් ජයග්රහණය කළේය.
