කොවිඩ් තිබුණා කියා ජනතාවට තම තමන්ගේ දෛනික කටයුතු වලින් ඈත් වෙලා ජීවත් වෙන්න බැහැ . සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව අද අපට ජීවත්වෙන්න සිදුවෙලා තිබෙනවා . කොවිඩ් තත්ත්වයත් සමග සමස්ත ලෝකයම විශාල අර්බුදයකට ලක්ව තිබෙනවා . එහි බලපෑම අපටත් තිබෙනවා . ඒ හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුයි .
තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඒ බව පවසා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් මෙහෙයවනු ලබන ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක සමාජයීය යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම් මාලාවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රථම රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී ඊයේ (14) පැවති අවස්ථාවේදී ය .
එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය . වලල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පාසල සංවර්ධනය කිරීම සඳහා අපි රුපියල් කෝටි දාහක් වැය කරනවා . ඒ අවට කිලෝමීටර් 10ක පමණ දුරින් පිහිටි සියලු පාසල්වල ක්‍රීඩා කරන දරුවන්ට මේ පාසලේ පහසුකම් ලබා දෙන්න පුළුවන් ආකාරයටයි අප එය වැඩි දියුණු කරන්නේ . ඉදිරි වසර පහ තුළ අපේ ප්‍රමුඛතාව ක්‍රීඩා පාසල් හදන එකටයි . ක්‍රීඩා පාසලක උපරිම වශයෙන් ඉන්නේ ක්‍රීඩා කරන ළමුන් 250ක් විතර ඒ වුණත් අපි ළමයි හයසියයකට පහසුකම් දෙන්න පුළුවන් ආකාරයට ක්‍රීඩා පාසල් සංවර්ධනය කරනවා . අපි ක්‍රීඩාංගන හදන්නෙ පදක්කම් ගන්න මිස මනාප ගන්න නොවෙයි . මේ සඳහා අපි සැලැස්මක් හදනවා . ඒකට ගැලපෙන ලෙස ක්‍රීඩාංගණ හදනවා . ක්‍රීඩා පාසල් ස්ථාපිත කිරීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නේ කතා කරන භාෂාව පදනම් කරගෙන නෙවෙයි . කතා කරන භාෂාව අනුව අපිට පිට්ටනි දෙකක් හදන්න බැහැ . දුවන අයට පනින අයටයි අපිට පිට්ටනි දෙකක් දෙන්න පුළුවන් . මලල ක්‍රීඩා පාසල සංවර්ධනය කිරීමෙන් අනතුරුව එහි අවට ක්‍රීඩා කරන දරුවන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට විශේෂ බස් සේවාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද එහිදී නාමල් රාජපක්ෂ පැවසීය .
ෂේන් සෙනෙවිරත්න