ශ්රී ලංකා මළළ ක්රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්රීඩා තරගාවලිය සදහා 07/24 දින රාත්රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.
මෙම ශ්රී ලංකා මළළ ක්රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්රංශය වෙත පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .
මේ වනවිට ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා සහභාගී වන මළළ ක්රීඩකයින් තිදෙනකු , පිහිනුම් ක්රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්රීඩකයෙකු ද නිලධාරීන් 06 දෙනෙකු ද ප්රංශය බලා පිටත්ව ගොස් ඇති බව ශ්රී ලංකා මළළ ක්රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
ඔවුන් 07/24 දින රාත්රී 09.15 ට දෝහා බලා පිටත්ව ගිය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 657 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය අතර ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ප්රංශය බලා පිටත්ව යාමට නියමිතය .