පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා නම් කළ සංචිතයට කලින් කලට පාකිස්තාන කණ්ඩායමේ දොරටු විවර කරගන්නා වහබ් රියාස්ද ඇතුළත්ව ඇති අතර, ඔහු කණ්ඩායමට එක්ව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබූ මොහොතක වීම සුවිශේෂී වෙයි.
2010 වසරේදී එංගලන්තයට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වහබ්, ගෙවීගිය දස වසරක කාලය තුළ සිය දක්ෂතා අඛණ්ඩව පවත්වා ගැනීමට අපොහොසත් වූ අතර, එය ඔහු ක්‍රීඩා දිවියෙන්‘ සමුගැනීම ඉක්මන් කරවන්නක් විය. කෙසේ නමුත් ඔහු පසුගිය දිනක ප්‍රකාශ කර ඇත්තේ තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බවත්, ආරාධනයක් ලැබුණොත් නැවත ක්‍රීඩාවට පැමිණෙන බවත්ය.
&මට පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙතින් ඇමතුමක් ලැබුණා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කණ්ඩායමට එක්වෙන්න. එම ආරාධනය මම පිළිගත්තා. මොකද මම මූලිකත්වය දෙන්නේ පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට* වහබ් රියාස් සිය සමුගැනීමේ තීරණය වෙනස් කිරීමට වූ හේතුව %msn^වෙබ් අඩවියේ එලෙසින් සඳහන් කර තිබිණි.
රියාස්ගේ ටෙස්ට් දිවිය වසර දහයක් වූවත් ඔහු ක්‍රීඩාකර ඇත්තේ ටෙස්ට් තරග 27ට පමණි. එහිදී කඩුලු 05 බැගින් දවාලූ අවස්ථා දෙකක් සමගින් ඔහු දවාගෙන ඇත්තේ කඩුලු 83ක් පමණි. සිය දක්ෂතා කළමනාකරණය කරගැනීමට නොහැකි වූ රියාස් 2018 වසරෙන් පසු එරට ජාතික ටෙස්ට් කණ්ඩායම මේ දක්වා නියෝජනය කර නොමැත.