පසුගිය මාස කිහිපයේදී තමන් තමන්ටම අභියෝග කර ගත් බවත් පන්දු යැවීම ආරම්භ කළ බවත් ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
එංගලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගයේදි එංගලන්ත ඉනිම අවසානයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොවූවද මතීෂ පතිරණ ආබාධයකට ලක්වීම හේතුවෙන් මැතිව්ස්ට කණ්ඩායමේ දොර විවෘත විය.
ඒ් අනුව මැතිව්ස් අද තරගයේදී පන්දුවාර පහක් යොමුකර ලකුණු 14ට කඩුලු දෙකක් දවා ගැනීමට සමත්විය.
අද තරගය පිළිබඳව අදහස් දක්වමින් මැතිව්ස් පැවැසුවේ කණ්ඩායමේ සියලු දෙනාම හොඳින් ක්‍රීඩා කළ බවත් විශේෂයෙන්ම පන්දු යවන්නන් හා පන්දු රකිනන් හොදින් සිය කාර්ය කළ බවයි.