එංගලන්තයට එරෙහිව ටෙස්ට් සංචිතයේ සිටින ජාතික ක්‍රීඩිකයෙක් හා කණ්ඩායමට අනුයුක්ත කාන්තා සෞඛ්‍ය නිලධාරිනියක් වැරදි ලෙස හැසිරී ඇති බවට වන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවා තිබේ.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කරන ලද මෙම සිද්ධියේ බරපතලකම සැලකිල්ලට ගනිමින්, එම ප්රවෘත්තිවල සත්‍යතාව සොයා ගැනීම සඳහා සිද්ධිය පිළිබඳ වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතාට උපදෙස් දී තිබේ.
කණ්ඩායම් කළමනාකරු සිය වාර්තාව ඉදිරිපත් කළ පසු, වාර්තාවේ සොයාගැනීම් මගින් එවැනි පරීක්ෂණයක් අවශ්‍ය නම්, චෝදනාවට ලක්වූ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.
වරදකරු බවට ඔප්පු වුවහොත් ඕනෑම පාර්ශ්වයකට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.