කෝවිඩ්-19 ව්‍යසනයේ අර්බුධය මධ්‍යයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට තවත් ආපදා අවධානමක ඉඟියක් පළකරමින් ජපාන වේලාවෙන් ඊයේ (04දා) පෙ.ව. 5.30ට පමණ රික්ටර් මාපකයේ 6.0ක භූම්පනයක් වාර්තා විය. මෙය ඉරබාකි ප්‍රාන්ත වෙරළේ සිට කි.මී. 40කට එහෙයින් වූ ගැඹුරු මුහුදේ සිදුව ඇත. ජපාන මාධ්‍ය වාර්තාකර සිටියේ මෙය තත්. 20 -විනාඩි 03ක් අතර කාලයක් පැවැති බවයි.
කෙසේ නමුත් භූ කම්පන ජපානයට සාමාන්‍ය දෙයක් වන අතර, එරට බොහෝ ඉදිරිකිරීම් සිදුකර ඇත්තේද ඊට ඔරොත්තු දෙන පරිදිය. ඔලිම්පික් උළෙලේ වොලිබෝල් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ පාදම ශක්තිමත් රබර් අතුරණයකින් සකස්කර ඇති අතර, ඊට රික්ටර් පරිමාණයේ 6.5ක අවධානමක් වුවද දරාගත හැකිය.
එමෙන්ම ඔලිම්පික් ගම්මානය ආසන්නයේ තිබෙන මුහුදේ රික්ටර් පරිමාව 6.5 ඉක්ම වූ භූ කම්පනයක් සිදුවුවත්, ඉන් ඇතිවන සුනාමි රළ තත්ත්වය පාළනයට සයුරු ආරක්ෂණ බැම්මක් පවා ජපානය ඉඳිකර ඇත.
මීටර 200 රන් පදක්කම කැනඩාවට
මී. 200 අවසන් තරගය ඊයේ (04දා) පැවති අතර, එහිදී රන් පදක්කම දිනාගැනීමට කැනඩාවේ ඇන්ඩ්‍රේ ඩි ග්‍රාස් සමත් විය. ඔහු තත්. 19.62ක දක්ෂතාවක් දැක්වූ අතර, එය කැනඩා ජාතික වාර්තාවක්ද විය. 2016 රියෝ ඔලිපිම්ක් උළෙලේද මෙම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. එමෙන්ම මෙවර මී. 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේද අන්ඩ්‍රි විසින්ය.
මීට අමතරව රිදී පදක්කම කෙනත් බර්නාඩෙත් (තත්. 19.68) විසින්ද, ලෝකඩ පදක්කම නෝවා ලයිල්ස් (තත්. 19.74) විසින්ද දිනාගත් අතර, ඔවුන් දෙදෙනාම ඇමරිකාව නියෝජනය කළහ.
සරණාගත බව පැතූ ක්‍රීඩිකාවට පෝලන්තය පිහිට වෙයි
ඔලිම්පික් උළෙල අතරතුර දේශපාලන පළිගැනීමට ලක් වූ බෙලරුසියානු ක්‍රීඩිකා ක්‍රිස්ටියානා සිමානොස්කායාට රැකවරණය ලබාදීමට පෝලන්තය ඉදිරිපත් වූ අතර, ඇය ඇය ඊයේ (04දා) දිනයේම පෝලන්තය බලා පිටත්ව ගියේය.
වත්මන් බෙලරුසියානු ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ, එරට රජයේ ජනාධිපතිවරයාගේ පුතෙකු වන අතර, ඔවුන් දෙදෙනාම දූෂණ චෝදනා එල්ල වූවෝ වෙති. ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට එරට ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩිව විරෝධතා දැක්වූවන් වන අතර, සිමානොස්කායා ඊට මැදිහත් වූ එක් සාමාජිකාවකි. කෙසේ නමුත් විරෝධතා දැක්වූවන්ට එරට පාලනය විසින් දැඩිලෙස කෙණෙහිළිකම් කළේය. අවාසානයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඊට මැදිහත්වීමට සිදු වූ අතර, එහි එක් පියවරක් ලෙස එරට ජනාධිපති හා ඔලිම්පික් කමිටු සභාපතිට මෙවර ඔලිම්පික් උළෙල තහනම් කලාපයක්ද විය.
කෙසේ නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවූ කෙළෙහිණිකම්හි අඩුවක් නොවූ අතර, ජපානයට පැමිණි සිමානොස්කායා ඇගේ අකමැත්තෙන්ම කණ්ඩායමෙන් ඉවත් කළේය. අවසානයේ 24 හැවිරිදි ඇයව බෙලරුසියාව බලා බලෙන්ම පිටත්කර හැරීමට එරට ක්‍රීඩා බලධාරින් කටයුතු කළේය. කෙසේ නමුත් ඊට අකමැති වූ සිමානොස්කායා, සියට රටට යා නොහැකි බව පවසමින් ජපාන පොලිසියේ ආරක්ෂාව පැතීය. ඒ අනුව ඇගේ ආරක්ෂාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ භාරයට ගැණුනි. අවසානයේ පෝලන්ත රජය ඇගේ රැකවරණය වෙනුවෙන් ඉදිරිපත් විය.
සංජීව ධර්මසේන/ජපානයේ ටෝකියෝ නුවර සිට