කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් අසරණ වූ ආජන්ටිනාවේ, බුවනෝස් අයර්ස් නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් ආධාර රැස් කිරීම උදෙසා හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනා පෙරට පැමිණ තිබේ.
ඒ තමා, 1986 ජයග්‍රාහී ලෝක කුසලානය සඳහා ඇඳි ටී ෂර්ටය වෙන්දේසි කරමින් සහ පරිත්‍යාගශීලීන්ට දැක බලා ගැනීමේ අවස්ථාව උදාකර දෙමිනි. මෙහිදී බුවනෝස් අයර්ස් නගරයේ දුප්පත් වැසියන් වෙනුවෙන් මූල්‍යාධාර සහ ද්‍රව්‍යාධාර ලබාදෙන පරිත්‍යාගශීලීන් සඳහා ආර්ජන්ටිනාවේ ජාතික කණ්ඩායම් ජර්සිය මැරඩෝනාගේ අත්සන සහිතව ලබාදීමටද පියවර ගෙන තිබේ. මින් ලැබෙන මූල්‍යාධාර, සනීපාරක්ෂක නිෂ්පාදන, මුහුණු ආවරණ සහ ආහාර මිලදී ගැනීම ඇතුළු පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය.
නිරෝධායන නීති මගින් බලපෑමට ලක් වූ බුවනෝස් අයර්ස් නගරයට ආසන්නයේ පිහිටි අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් මේ සඳහා තෝරාගෙන තිබේ. 1986 ලෝක කුසලාන තරගාවලියේදී තම රට ජයග්‍රහණය කරා ගෙන යන විට ඔහු පැලඳ සිටි ඇඳුමේ අනුරුවක් මෙලෙස වෙන්දේසි කර තිබේ.
මෙම ජර්සිය පළමු වරට වෙන්දේසියේදී සැලකිය යුතු මුළ්‍යාධාර සහ ද්‍රව්‍යාධාර ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.