ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු කොවිඩ් ආසාදිත වී තිබේ. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සිඩ්නිහි පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයට පෙරාතුව කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් මෙය තරගයට බලපෑමක් ඇති නොවන අතර තරගය සුපුරුදු පරිදි පැවැත්වීමට නියමිතව තිබේ.