ලොව ප්‍රබලම පාපන්දු ක්‍රීඩා සමාජයක් වන ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායම ඔවුන්ගේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩක ලුයිස් සුවාරේස් ඇත්ලටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම වෙත විකුණා දැමීමට එකඟ වී ඇත. බාසිලෝනා බලධාරීන් සුවාරේස් සමගින් සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
කෙසේ වෙතත් බාසිලෝනා කණ්ඩායම සිය ස්පාඤ්ඤ ප්‍රතිවාදීන් වූ ඇත්ලටිකෝ සමගින් මෙම ගනුදෙනුව සිදුකිරීමට මුලින්ම අකමැත්ත පළ කිරීම විශේෂත්වයකි. මෙම ගනුදෙනුවේ මිල ගණන් මෙතෙක් විදෙස් මාධ්‍ය මගින් හෙළි කර නොමැත.
මේ සමගින් 33 හැවිරිදි සුවාරේස්ගේ වසර 06ක බාසිලෝනා කාලය අවසන් වීමට නියමිතය. එංගලන්ත ලිවර් පූල් කණ්ඩායමේ සිට 2014 වර්ෂයේදී බාසිලෝනා වෙත සුවරේස් එක්වූයේ යුරෝ මිලියන 74කට හෙවත් රුපියල් කෝටි 1600කට අධික මුදලකටය.
සුවාරේස් මේ දක්වා බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් තරග 209කදී ගෝල 198ක් වාර්තා කර ඇත.
එය බාසිලෝනා ඉතිහාසයේ ක්‍රීඩකයෙකු වාර්තා කළ තෙවැනි වැඩිම ගෝල සංඛ්‍යාවද වේ. මේ අතර බාසිලෝනාව පසුගියදා සිය පසුපෙළ ක්‍රීඩක අර්තූරෝ විඩාල් ද, ඉතාලි පාපන්දු කණ්ඩායමක් වන ඉන්ටර් මිලාන් වෙත විකුණා දැමීමට කටයුතු කළේය. ස්පාඤ්ඤ ජාතික විඩාල් එහිදී ඉන්ටර් මිලාන් කණ්ඩායමෙන් මිලදී ගනු ලැබුවේ යුරෝ මිලියන 01 (රු. කෝටි 21)ක මුදලකටය.