ලංකා ප්රිමියර් ලීග තරගාවලිය යටතේ කොළඹ කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සමත්විය.
දසුන්ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් කඩුලු තුනට ලකුණු 188ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොළඹ කණ්ඩායම තරගයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 189ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
මෙහිදී විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ බාබර් අසාම් පන්දු 59 කදී වේගවත් ලකුණු 104ක් රැස්කිරීමට සමත්විය. එය ඔහුගේ විස්සයි20 පිටියේ 10 වැනි ශතකය වන අතර ඒ අනුව විස්සයි20 පිටයේ වැඩිම ශතක ප්රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර ඔහු දෙවැන් වන්නේ ක්රිස් ගේලට පමණි.
තරගය ජය ගැනීම වෙනුවෙන් කොළඹ කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 14ක් අවශව තිබුණි. කසුන් රාජිත යොමුකළ එම අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන් බාබර් දැවී ගියේය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියට පිවිසින් මොහොමඩ් නවාද් 2,2,6,4 ලෙස ලකුණු රැස්කරමින් තරගයේ ජය කොළඹ කණ්ඩායම ලබා දුන්නේය.